LIVE
හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් පසුගියදා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් මෙම ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ ගල් අඟුරු මිලදී ගැනීමේ ආක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කොමිෂන් සභාව පත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරයි.
