LIVE
ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල ගැන ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කරයි.
ඒ අනුව මෙම මාසයේ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (04) නිවේදනය කරයි.
කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365කි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.
කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.
