LIVE
අද (03) රාත්‍රියේ කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඇත.
එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇති බවත් අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ලොකු පැටීගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක කරයි.
එම වෙඩික්කරුවන් පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
