රටේ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් නිර්මාණය කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
සමාජ, ආර්ථික කරුණු සහ ආයතනවල බාහිර සංක්‍රමණ හේතුවෙන් මෙරට බොහෝ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
එහිදී ගෘහස්ථව සිටින වැඩිහිටියන් මෙන්ම ආයතන වල සේවය කරන වැඩිහිටියන්ද එම ගැටළු වලට මුහුණ දෙමින් සිටින බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වූ ඒකකයක් ස්ථාපිත කරන්නේ නම් එම ගැටලු විසදා ගත හැකි බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
