ආන්දෝලනාත්මක බටලන්ද විමර්ශන නැවතත්.?

LIVE

බටලන්ද වධකාගාරය තුළ සිදුවු ඝාතන සම්බන්ධයෙන් යළි විමර්ශනය කළ යුතු බවට නීතිපතිවරයා නිගමනය කර තිබෙනවා.

එම නිගමනය ඇතුළත් නිරීක්ෂණ ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර අති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටලන්ද කොමිෂන් වාර්තාවේ සාක්ෂි මත පමණක් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වේ.

බටලන්ද වදකාගාරය යනු, 1988 – 1990 කාලයේදී ශ්‍රී ලංකාවේ බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පවත්වාගෙන ගිය බවට දැඩි චෝදනා එල්ල වූ අනීතික රඳවා තබා ගැනීමේ සහ වධහිංසා පැමිණවීමේ මධ්‍යස්ථානයකි.

රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයිතිව තිබු බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පිහිටි නිවාස තුළ නීතිවිරෝධී ලෙස තරුණයින් රදවාගෙන, වධහිංසා කර, ඝාතනය කිරීම හෝ අතුරුදන් කිරීම පිළිබඳව සොයා බලා වගකිවයුතු පුද්ගලයින් හඳුනා‌ගෙන නිර්දේශ වාර්තා කිරීමට එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් (21) දින නිකුත් කළ නියෝගයකට අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

එම කොමිසම අවස්ථා 12කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු (26) වැනිදා සිය වාර්තාව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත බාරදුන්නේය.

එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී බරපතල අනාවරණයන් රැසක් හෙළිවිය.

0 Comments
Most Voted
Newest Oldest