LIVE
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (09) දින අක්ෂි රෝහල වෙත ඉදිරිපත් කළේය.
අද (09) දින කොළඹ අක්ෂි රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ නැවතත් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
ඊයේ (08) දින ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ලබාගෙන ඇත.
ශිරන්ති රාජපක්ෂ කාන්තා රැඳවුම් අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ රඳවා ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

