LIVE
පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව නැවතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

