LIVE
නවනීදම් පිල්ලේ 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද (09) දින ප්‍රකාශයට පත් කෙරිණි.
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියක වන නවනීදම් පිල්ලේ, ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර අගයමින් මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව නෝර්වේ නොබෙල් කමිටුව සඳහන් කරයි.
නවනීදම් පිල්ලේ ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවත්, සුවිශේෂී ධෛර්යයකින් යුතුව පුළුල් ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැගීමට ඇය පෙරමුණ ගත් බවත් නොබෙල් කමිටුව සඳහන් කරයි.
ඇය 2008 වසරේ සිට 2014 වසර දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළාය.

