ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

LIVE

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ගමන් රැසක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් (18) වන දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදුවූ ආරක්ෂක තත්ත්වයක් සහ අඛණ්ඩව සිදු කෙරෙන ආරක්ෂක හා මෙහෙයුම් සමාලෝචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

එනිසා පවතින තත්ත්වය වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු මට්ටමක පවතින බවට තහවුරු වූ පසු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතාව බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?