විදුලි කප්පාදුව සම්බන්ධව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වීමත් සමඟ විදුලි සැපයුම සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සඳහන් කරයි.
ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්රය පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක කිරීමත් සමඟ අද සිට එම විදුලි ඉල්ලුම කළමනාකරණ ක්රියාමාර්ග තවදුරටත් අවශ්ය නොවන බවද එම සමාගම සඳහන් කරයි.
විදුලි සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් පසුගිය (17) වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.
ඒ හේතුවෙන් ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වූ අතර විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දිනකට පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමාගම පියවර ගත්තේය.
