බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් සහ ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉහළ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර හා නාවික ප්රජාව වෙනුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.


