කුඩා දියණිය දූෂණය කළ පියාට වසර 54ක බරපතළ සිරදඬුවම්

සිය කුඩා දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පියෙකුට වසර 54ක බරපතළ සිරදඬුවම් සහ රුපියල් 150,000ක දඩයක් නියම කිරීමට ගම්පහ මහාධිකරණය පියවර ගෙන ඇත.

අදාළ නඩුව (29) දින ගම්පහ මහාධිකරණයේදී කැඳවා තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වින්දිත දැරියගේ පියාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා තුනටම ඔහු වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, එක් එක් චෝදනාව සඳහා වසර 18 බැගින් වසර 54ක බරපතළ සිරදඬුවම් සහ රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩයක් නියම කර ඇත.

එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට අදාළව වසර බැගින් අමතර සිරදඬුවම් නියම කර ඇති අතර වින්දිත දැරියට රුපියල් 200,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel