ඉන්ධන මිල සංශෝධනය

ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේය.

ඒ අනුව නොවැම්බර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු වුවත් ඊට අදාළ සාකච්ඡාවක් නොපැවැත්වුණු බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

අවසන් වරට පසුගිය සැප්තැම්බර් මස (30) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි කිරීමට පියවර ගත් අතර එහි නව මිල රුපියල් 414කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය නොකළ අතර එය රුපියල් 475ක් ලෙසටම පැවැතුණි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් වැඩි කිරීමට පියවර ගත් අතර එහි නව මිල රුපියල් 528කි.

සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගත් අතර එහි නව මිල රුපියල් 392කි.

රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිල සංශෝධනය නොකරන බව සඳහන් කළේය. 

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel