ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇය අද (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel