මිලියන ගණනක පාඩුවක්.. චාමරගේ තවත් නඩුවක් කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව යළි කැඳවීමට තීරණය කර ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව එම නඩුව 2027 පෙබරවාරි මස (09) වනදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 173කට අධික මුදලක් හදිසියේ ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel