හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් (10) දින පවත්වන බවට නියෝග කර ඇත.
රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම පිළිබඳ නඩුව අද (04) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග කර ඇත.
සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණය පදවාගෙන ගිය යතුරු පැදියේ අමාත්‍යවරයා පදවාගෙන ගිය සුඛෝපභෝගී රථය අපරික්ෂාකාරි ලෙස ගැටී බරපතල තුවාල සිදුකිරීම, අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම හා ඒ සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගෙතීම ආදිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අධි චෝදනා 16ක් යටතේ මෙම නඩුව පවරා ඇත.
