අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අද (26) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය රැගෙන ආවේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලංගොඩ කස්සප හිමි ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු ඇප මත මුදාහැර ඇත.
පසුගිය නොවැම්බර් (12) වැනිදා අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
