2015 වසරේ ජූලි මස (16) වනදා සිට 2016 වසරේ ජුලි මස (16) වනදා දක්වා කාලසීමාව තුළ වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ඩයනා ගමගේට දඬුවම් නියම කිරීම සඳහා එම නඩුව ජනවාරි මස (14) වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා වලට නිවැරදිකරු යැයි තමන් විසින් කලින් ඉදිරිපත් කළ විත්තිවාචකය විත්තිකාරිය විසින් ඉවත් කරගෙන එම චෝදනා වලට ඇය වරද පිළිගන්නා බව සඳහන් කළේය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග. එස්. බෝදරගම, විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.
වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ඩයනා ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
මෙම නඩුකරය අද (26) දින කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
