ඩෙල්ෆ්ට් දූපතේ බලශක්ති අර්බුදයට විසදුමක්

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ මෙතෙක් ස්ථිර ඉන්ධන පිරවුම්හලක් නොතිබූ පසුබිමක, එහි වෙසෙන ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික ජන බලවේගය රජය විසින් නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකර ඇත.

අදාළ ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුකර ඇති අතර ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය, යාපනය කන්කසන්තුරේ ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් නෞකාවක් මගින් ඉතා ආරක්ෂිතව ඩෙල්ෆ්ට් දූපත වෙත ප්‍රවාහනය කළේය.

එලෙස රැගෙන ගිය ඉන්ධන, අභිනවයෙන් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල වෙත සාර්ථකව ගොඩබෑමට පියවර ගෙන ඇති අතර මේ හරහා ඩෙල්ෆ්ට් දූපත් වැසියන් සඳහා ඉන්ධන බෙදාහැරීම විධිමත් හා පහසු කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් වී ඇත.

ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් අනතුරුව ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධනය සහ ජනතාවගේ මූලික අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එහි ප්‍රථම වරට ස්ථිර ඉන්ධන පිරවුම්හලක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.

ධීවරයන්, ගොවීන්, ප්‍රවාහන සේවාවල නියුතු වූවන්, සුළු ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ට මෙම ඉන්ධන පිරවුම්හල මගින් විශාල ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel