Advertisements

වැඩිහිටි නිවාසයේ හදිසි ගින්නෙන් 5ක් මරුට

අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නෙන් වැඩිහිටියන් 5 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය වැඩිහිටියන් 5 දෙනාගෙන් කිහිපදෙනකු තමන් සිටි පුටුවලම අසුන්ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

ගින්න හටගත් අවස්ථාවේදී එහි කාන්තා හා පුරුෂ වැඩිහිටියන් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර ඔවුන්ගෙන් 45 දෙනකු පමණ ආරක්ෂිතව මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

ගින්න පිළිබඳ තොරතුරු සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ සහන සේවා සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.

ගින්න මැඩපැවැත්විම සඳහා සේවා රථ 05ක් යොදවා ඇතැයි ගිනි නීවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්නත් සමග එම පරිශ්‍රයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබූ අතර සොයාගැනීමේ මෙහෙයුම් අතරතුර ඉන් කිහිපදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest