Advertisements

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සෙසු සැකකරුවන් ලංකාවට ගේන්න සැරසෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ වංචාවට සම්බන්ධ සෙසු සැකකරුවන් මේ වනවිට විදෙස් රටවල සිටියි.

ඒ අනුව එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ වංචාවට සම්බන්ධ සෙසු සැකකරුවන් විදේශ රටවල සිට මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සැලසුම් කරගෙන යන බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ චමල් රාජපක්ෂගේ පුත්‍රයා වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ නිමල් පෙරේරා නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට අවශ්‍යව ඇත.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නිකුත් කළ වරෙන්තුවට අනුව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණීමෙන් පසු කපිල චන්සේනගේ බිරිඳ ඕස්ට්‍රේලියාවට පලා ගොස් ඇතැයි වාර්තා වන අතර ඇය කපිල චන්ද්‍රසේනගේ අවමංගල්‍ය උත්සවයටද සහභාගී වීමට මෙරටට පැමිණ නැත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest