LIVE
බදුල්ල ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිටීමෙන් අනතුරුව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇති අතර සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට නිරීක්ෂණය වී ඇත.
අනතුරුව එම වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රීයේ සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
