හිටපු ඇමති බන්දුලගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසමට කැඳවයි

LIVE

අද (02) දින හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5ක ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනය සඳහා බන්දුල ගුණවර්ධන එලෙස කැඳවා ඇත.

ඒ අනුව අද පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස බන්දුල ගුණවර්ධනට දැනුම් දී ඇත.

0 Comments
Most Voted
Newest Oldest