ව්‍යාපාරික තිලිණි ප්‍රියමාලි මූල්‍ය වංචා චෝදනා මත මාස දෙක හමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර, අනතුරුව පසුගිය 16 වැනිදා ඇප කොන්දේසි මත මුදාහැරියේය.
තිලිණි ප්‍රියමාලි සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවද අද අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කරයි.
තවද සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් සදහන් කරයි.