මෙරට ප්‍රවාහනයේ අලුත්ම වෙනස ඇරඹේ

LIVE

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 112ක් ධාවනයට එක් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.

බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) දින තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී පැවැත්විණ.

නවීන මෙට්‍රො බස් සේවාවක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට නවීන බස් සේවාවක් හඳුන්වාදීම සඳහා සුවපහසු පහත් තට්ටු බස් රථ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය මගින් ලබා දෙන ලද බස් රථ 08ක් අද සිට මෙලෙස ධාවනයට එක් කෙරිණි.

මහජනතාවට සුවපහසුවෙන් සහ ආරක්ෂිතව තම ගමනාන්ත වෙත ළඟා වීමට අවස්ථාව සලසා දෙමින් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රවාහන සේවාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන අවස්ථාවකි.

2 Comments
Most Voted
Newest Oldest