LIVE
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර ඇත.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන් ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇත.
2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් ඇත.

