LIVE
අද (01) දින රාත්රීයේ අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 9mm වර්ගයේ පිස්තෝල අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වු පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

