Advertisements

වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ අත්අඩංගුවට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) දින සවස ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂ හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ විසින් අද (04) දින පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest