වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂකට දුන් නියෝගය

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා ලබන (11) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම වැඩිහිටි නිවාසයේ ඊයේ (03) සවස හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත්තේය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments