Advertisements

අද උදෑසන බස් අනතුරක්

අද (04) උදෑසන ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් වන අතර අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වන අතර අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest