ලාෆ් සිලින්ඩර ලිට්‍රෝ කළ එකම පවුල අත්අඩංගුවට

ලාෆ් ගෑස් සිලින්ඩර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලෙස පෙනෙන පරිදි නිල් පැහැයෙන් වර්ණ ගන්වා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙක් කොටදෙණියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පියෙකු සහ පුතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් (20) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අලුතින් තීන්ත ආලේප කරන ලද මෙම ගෑස් සිලින්ඩර පැරණි සහ මීට පෙර භාවිත කළ සිලින්ඩර ලෙස පෙන්වීම සඳහා සැකකරුවන් විසින් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව නිවෙස්වල ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කළ බවට හැඟවීම පිණිස මෙම සිලින්ඩර මත ආප්ප මිශ්‍රණ සහ මිරිස් හොදි වැනි ඉඳුල් සහ ආහාර ද්‍රව්‍ය තවරා තිබූ බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel