වැලිගම, මිදිගම ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇත.
ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක, අදාළ STF නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථය ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
