සමස්ත පාසල් පද්ධතියම වසා දැමීමට තීරණය කළ බව ඒකාබද්ධ ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ප්රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන (30) වැනිදා සමස්ත පාසල් පද්ධතියම වසා දමන බවත් එදින සියලුම ගුරු විදුහල්පතිවරු සහ අනෙක් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බවද එහි ප්රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කරයි.
වෘත්තීය සමිති එකමුතුවේ ප්රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කළේ,
“ආණ්ඩුව රුපියල් 10,000කින් පොලීසියේ දීමනා වැඩි කරන කොට, 24,000ක් පොලීසියට බඳවා ගන්න හදනකොට, ඒගොල්ලෝ හිතලා තියෙනවා ඊළගට එන්න තියන රැල්ල බේරාගන්න නම් ආරක්ෂක අංශය ශක්තිමත් කරන්න ඕන කියලා.
පොලීසියේ බඳවා ගැනීම් කරන්න වැඩපිළිවෙලක් අයවැයේ තියෙන කොට විදුහල්පතිවරු, ගුරුවරු මේ පාසල් පද්ධතියේ ඉන්න සේවකයෝ බඳවා ගන්න ක්රමයක් නෑ. මේ අයවැයට අපි විශේෂ යෝජනාවල් ඉදිරිපත් කරලා තියෙනවා.
ඒවා කිසවක් නොසලකා යන ආණ්ඩුවට විරුද්ධව අපි හෙට සමස්ත පාසල් පද්ධතිය පුරා කළු ඇදගෙන සේවයට වාර්තා කිරීම ගුරු විදුහල්පතිවරු කරනවා. ආණ්ඩුවට තියෙනවා කල්, පළවෙනිදා විවාදය තියෙන්නේ. විවාදයට පෙර ආණ්ඩුවට පුළුවන් සංශෝධන ඉදිරිපත් කරන්න.
ඒක ඉදිරිපත් වෙන්නේ නැත්නම්, (30) වැනිදා ආණ්ඩුව උත්තර දෙන්නේ නැත්නම් සමස්ත පාසල් පද්ධතියම (30) වැනිදා වැහෙනවා. සමස්ත පාසල් පද්ධතියේ ගුරු විදුහල්පතිවරු සහ අනෙක් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරලා මේක පටන් ගන්න ලෑස්තියි.”
