අනාගතය භාරගන්න ලෑස්ති වෙන්න

අපි යන්නේ අනාගතයකට බැවින් Gen Z එකයි, UNP එකයි අනාගතය භාරගන්න සූදානම් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නවතම වීඩියෝවක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“මේ ඔයාලගේ Logo එකනේ. අනාගතේ Logo එක. අපි යන්නේ Algorithm අනාගතයකට. Automation අනාගතයකට. අපි යන්නේ Sphinx Technology අනාගතයකට. අපි යන්නේ AI අනාගතයකට.

අපි යන්නේ Crypto අනාගතයකට. අපි යන්නේ අලුත් ලෝකෙකට. අලුතෙන් හැදෙන්නේ. විශාල පෙරලියක් ලෝකෙ වෙනවා. ඒකට ලෑස්ති වෙන්න Gen Z එක. අපි නෙමෙයි. මේ ලෝකෙ දකින්න ඕගොල්ලෝ.

දැන් මේ වගකීම භාරගෙන නායකත්වය දැන්මම භාරගන්න. Gen Z එකයි UNP එකයි තමයි අනාගතය භාරගන්න ලෑස්ති වෙන්න ඕන. ඕගොල්ලෝ දැන් මේ විදිහට හැදෙන්න. ඔයාලගේ කාලේ දැන් එන්නේ. ඒකට ලෑස්ති වෙන්න.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel