Local news

ස්වීඩන් කතගේ රහසඟ ස්කෑන් කළ විකිරණවේදියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.!

ස්වීඩන් කතගේ රහසඟ ස්කෑන් කළ විකිරණවේදියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.!

32 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකගේ අනුදැනුමකින් තොරව ඇයගේ ශරීරයේ රහස්‍ය ස්ථාන ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ බව කියන ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක විකිරණවේදියෙකුට එරෙහිව ගාල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

අදාළ කාන්තාව විසින් ඉලඇට ආශ්‍රිතව හටගත් වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂාවක් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත.

වෛද්‍ය නිර්දේශය මත අදාළ කාන්තාව ස්කෑන් පරීක්ෂණය සඳහා යොමු වූ අවස්ථාවේදී එම පරීක්ෂණය සිදු කළ රජයේ සේවයෙන් විශ්‍රාම ගිය විකිරණවේදී වෛද්‍යවරයා විසින් ඇයගේ අවසරයකින් තොරව ඇයගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් එම ස්ථාන ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති බවත්, ඊට අදාළ කිසිදු වාර්තාවක් තමා වෙත ලබා නොදුන් බවත් ඇය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් වේ.

අදාළ කාන්තාව විසින් සිදු කළ පැමිණිල්ලට අනුව ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති රංජන් කොඩිතුවක්කු සහ පොලිස් පරීක්ෂක ප්‍රෂාන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පෞද්ගලික අංශයේ වැටුප වැඩි කරයි.!

පෞද්ගලික අංශයේ වැටුප වැඩි කරයි.!

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව ජනවාරි මස (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කර ඇත.

ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්.එම්.ඩී. එන්.කේ. වටලියද්ද සඳහන් කර ඇත.

පනත ක්‍රියාත්මක කිරීමේදී අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයාද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ‍ප්‍රකාරව බැඳී සිටින බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර ඇත.

සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතුය බවද අදාළ නිවේදනය දැක්වෙයි.

වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත. 

ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.

පාසල් සිසුවිය දූෂණය කළ පාසල් සිසුන් අත්අඩංගුවට.!

පාසල් සිසුවිය දූෂණය කළ පාසල් සිසුන් අත්අඩංගුවට.!

11 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණය කළ පාසල් සිසුන් දෙදෙනෙකු සහ දුෂණය කිරීමට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

මෙම සිසුවිය පෙම්වතා හමුවීමට යන අවස්ථාවේ පෙම්වතා විසින් පාසල් සිසුවියව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මිත්තණිය භාරයේ සිටින සිසුවිය පසුගිය (17) වනදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ සැකය මත මිත්තණිය ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

අනතුරුව පාසල් සිසුවිය පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඇය ව්සින් පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු ඇයව දූෂණය කළ බවට සියල්ල පාපොච්චාරණය කර ඇත. 

එම පාපොච්චාරණය අනුව ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන අතර ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස (02) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රට පුරා වෛරස් රෝග ව්‍යාප්තියක්.. රෝග ලක්ෂණ මෙන්න.!

රට පුරා වෛරස් රෝග ව්‍යාප්තියක්.. රෝග ලක්ෂණ මෙන්න.!

මේ දිනවල පවතින ශිත, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි.

උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත්, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන් බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ සඳහන් කළේ,

“මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ.

සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන්න පුළුවන්. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත් වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන්.

ඔබට දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතිනවා නම්, ඒ වගේම ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.”

මධුසමය ගත කරන්න ලෝකයේ හොඳම ස්ථාන 3ක් ලංකාවේ.!

මධුසමය ගත කරන්න ලෝකයේ හොඳම ස්ථාන 3ක් ලංකාවේ.!

ලෝකයේ මධුසමය ගත කිරීමට 2026 වසරේ හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ඒ අනුව මධුසමය ගත කිරිමට හොඳම ස්ථාන අතර 5 වන ස්ථානය ගාල්ල නගරයට, 13 වන ස්ථානය ඇල්ල නගරයට සහ 22 වන ස්ථානය තංගල්ල නගරයට හිමිව ඇත.

ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවට අනුව මෙම ස්ථාන හිමිව ඇත.

ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථානය ලෙස ඉන්දුනීසියාවේ බාලි සැලකෙන අතර දෙවන ස්ථානය මුරුසිය සහ තෙවන ස්ථානය මාලදිවයින වෙතත් හිමිව ඇත.

12 වතාවක් පරීක්ෂා කර 3 වතාවක් සෝදුපත් බැලූ මොඩියුලයේ අසැබි වෙබ් අඩවිය කුමන්ත්‍රණයක්.?

12 වතාවක් පරීක්ෂා කර 3 වතාවක් සෝදුපත් බැලූ මොඩියුලයේ අසැබි වෙබ් අඩවිය කුමන්ත්‍රණයක්.?

පසුගියදා සමාජය තුළ මහත් කතා බහට ලක්වූ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසැභි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මූලික පරීක්ෂණ කමිටුව විසින් සිදුකළ විමර්ශනය අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

මේ බව ප්‍රවාහන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනක් හා එක් වෙමිනි.

එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන තිබු අතර ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත්කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කමිටුව විසින් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පොතක් මුද්‍රණය කිරීමේදී 12 වතාවක් පරීක්ෂා කරන බවත් ඉන් පසු 3 වතාවක් සෝදුපත් පරීක්ෂාකරන බවත් ය.

“මේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ.”

26 වැනිදා නඩුවට උසාවි එන්න බෑ.. මම විදේශගත වෙනවා.!

26 වැනිදා නඩුවට උසාවි එන්න බෑ.. මම විදේශගත වෙනවා.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩු කටයුත්තක් සඳහා නියමිත දිනයේ සහභාගී වීමට නොහැකි බව දැන්වීමට මන්ත්‍රීවරයා (19) දින හම්බන්තොට දිසා අධිකරණය වෙත පැමිණියේය.

ජනවාරි (26) වනදා තමන්ට විදේශගත වීමට ඇති බැවින් එදිනට පැවැත්වෙන නඩු කටයුත්ත සඳහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එදිනට විදේශගත වීම සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය පිළිගත් හම්බන්තොට දිසා අධිකරණය ඒ සඳහා විදේශගත වීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂට අවසර ලබාදුන්නා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපිට අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. පොලීසිය කෙරෙහි මේ රටේ ජනතාවටත් දිනෙන් දින විශ්වාසය බිඳවැටෙනවා.

ඒකට හේතුව මේ ආණ්ඩුව පොලීසිය සහ පොලිස් සේවය සම්පුර්ණයෙන් දේශපාලනීකරණය කරනවා. පොලිස් නිලධාරියාගේ ගෞරවය කෙලෙසනවා.”

ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දාපු නඩු 19ක්ම තමයි මට තියෙන්නේ. මේ අනුර කුමාර මහත්තයා දාලා නෑ.”

ජනාධිපතිවරණ ප්‍රධාන පොරොන්දු 30න් 10ක් ඉටුකර අවසන්.!

ජනාධිපතිවරණ ප්‍රධාන පොරොන්දු 30න් 10ක් ඉටුකර අවසන්.!

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු 30කින් 10ක් නොවැම්බර් වනවිට ඉටුකර අවසන් බව (Manthri.lk) වෙබ් අඩවිය සඳහන් කරයි.

අනුර මීටරය ප්‍රතිපත්ති ප්‍රකාශක ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීනයට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 නොවැම්බර් වන විට ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇත.

තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පොරොන්දු 9ක් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති අතර 1ක් පොරොන්දුවක් අසාර්ථක වී ඇත.

මෙම තක්සේරුව 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කළ අතර එයට 2026 අයවැය ද ඇතුළත් වූ නමුත් දිට්වා සුළි කුණාටුවට පෙර එය සම්පූර්ණ කරන ලදී.

අනුර මීටරය විසින් නිරීක්ෂණය කරන ලද පොරොන්දු තෝරා ගනු ලැබුවේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්ය.

ඒවා ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව ඇතුළු ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය කරයි.

අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට වෛද්‍යවරුන් සූදානම්.!

අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට වෛද්‍යවරුන් සූදානම්.!

දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ජනවාරි (23) වැනිදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

අද (19) දින පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි. 

මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.  

එහෙත් අදාළ සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කළ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය.. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි.!

6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය.. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි.!

මේ වනවිට රටේ උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු යවා ඇත.

තවද 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

✕
⌃ News
📰 Free News Subscription?