Local news

මම තමයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති.!

මම තමයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති.!

දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව පසුගිය (03) වනදා වෙනිසියුලානු වේලාවෙන් අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

අනතුරුව අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගත්තේය.

ඉදිරි කාලගුණය ගැන දැනුම්දීමක්.!

ඉදිරි කාලගුණය ගැන දැනුම්දීමක්.!

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තත්ත්වය අවිනිශ්චිතයි.. වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන් වහාම පිටවෙන්න.!

තත්ත්වය අවිනිශ්චිතයි.. වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන් වහාම පිටවෙන්න.!

එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසට වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එරටින් පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වනවිට වාර්තා වී ඇති බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

TIN අංකය අනිවාර්ය කරයි.!

TIN අංකය අනිවාර්ය කරයි.!

යතුරු පැදි, ත්‍රීවිල්, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ (TIN) අංකය දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය වේ.

ඒ අනුව ජනවාරි (05) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ (TIN) අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර ඇත.

ඉරානයේ විරෝධතා ප්‍රචන්ඩ වෙයි.. කුඩා ළමයින් ඇතුළු 116ක් මරුට.!

ඉරානයේ විරෝධතා ප්‍රචන්ඩ වෙයි.. කුඩා ළමයින් ඇතුළු 116ක් මරුට.!

ඉරානයේ උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පාලනයට එරෙහිව රට පුරාම ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව මේ වනවිටත් පැවැත්වේ.

ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් 116ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු සිටින බවත් 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට විරෝධතාකරුවන් තවදුරටත් දේපළ වලට හානි කරමින් ප්‍රචණ්ඩව හැසිරෙන අතර එරට පුරා අන්තර්ජාල සේවා තවමත් අක්‍රිය තත්ත්වයේ පවතී.

මෙම විරෝධතා වලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවත් එය මරණ දඬුවමට යටත් කළ හැකි චෝදනාවක් බවද උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි සඳහන් කරයි.

ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්.!

ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්.!

ශ්‍රී ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක සඳහන් කරයි.

ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තියද හදුනාගෙන ඇති බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක සඳහන් කරයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව, කායික රෝග විශේෂඥ කේ.වී.සී ජානක සඳහන් කරයි.

අමෙරිකාවෙන් නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක්.!

අමෙරිකාවෙන් නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක්.!

අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.

IS ත්‍රස්ත සංවිධානය පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇත.

අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති අතර අමෙරිකානු හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද IS ඉලක්ක වෙත අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්‍රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

රුසියාවේ තෙල් ගබඩාවකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර.!

රුසියාවේ තෙල් ගබඩාවකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර.!

රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක් ඉලක්ක කර යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් තෙල් ගබඩාවේ ගින්නක් හටගෙන ඇති අතර ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාව අවට ජීවත් වන පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරයි.

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්.!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්.!

අද (10) දින ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

දෙහිවල ඇනකොණ්ඩා අතුරුදන්.!

දෙහිවල ඇනකොණ්ඩා අතුරුදන්.!

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ඇනකොණ්ඩා වර්ගයේ පිඹුරෙකු අතුරුදන්වී ඇති බවට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දෙහිවල පොලීසියටද පැමිණිල්ලක් කර තිබෙන බවයි.

පසුගිය 07 වන ඉරිදා සිට මෙම ඇනකොන්ඩා පැටවා අතුරුදන්වී ඇති බවත් එම ඇනකොණ්ඩා සොයා මේ වන විට පොලීසිය සහ සත්වොද්‍යානයේ කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

සත්වෝද්‍යානයේ උරග උයනේ වීදුරු ආවරණයක් සහිත කූඩුවක මෙම සත්වයා රඳවා සිට තිබේ.

කහ ඇනකොණ්ඩා යනුවෙන් හඳුන්වන මෙම ඇනකොණ්ඩා පැටවා කිසිවෙකු විසින් පැහැරගෙන ගියාද යන්න මෙතෙක් නිෂ්චිතව තහවුරු කරගෙන නොමැත.

සත්වෝද්‍යාන බලධාරීන් විසින් උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී එම කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී තිබෙනවා.

වාර්තා වන පරිදි, අතුරුදන් වූ මෙම පැටවා දෙහිවල සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ සිටි එකම කහ ඇනකොණ්ඩා පැටවා‍යි.

ඇනකොණ්ඩා විෂ රහිත පිඹුරු වර්ගයකට අයිති වන සත්වයෙකු නිසා එම සර්පයාගෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.

අතුරුදහන් වනවිට අඩි එකහමාරක් පමණ දිග එම ඇනකොණ්ඩා සර්පයා අඩි 12ක් පමණ දිගකට විශාල වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටියේ එම ඇනකොණ්ඩා සර්පයා දකුණු ඇමරිකාව නිජබිම කරගත් ලොව බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි

✕
⌃ News
📰 Free News Subscription?