Local news

රථවාහන අලෙවි කිරීමෙන් වළකින්න.. විශේෂ දැනුම්දීමක්

රථවාහන අලෙවි කිරීමෙන් වළකින්න.. විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින්නැයි, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරයි.

පැවරුම්කරු හා පැවරුම්ලාභියා විසින් MTA 6 නැමැති ලේඛනය අත්සන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පිටපත යොමු කරන ලෙස එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කරයි.

රථ වාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීම සහ එවැනි වංචනිකයින්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරිම මෙහි අරමුණ වේ.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට එරෙහිව රනිල් පෙරට එයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට එරෙහිව රනිල් පෙරට එයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සිට පණිවිඩයක් එවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙන බවද සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පණිවිඩය පහතින්..

ශෂින්ද්‍රගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. නඩුව ඉදිරියට

ශෂින්ද්‍රගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. නඩුව ඉදිරියට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව දැනට පවතින අධිචෝදනා යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළේය.

කථානායකට එරෙහි විශ්වාසභංගයට සජිත් අත්සන් කරයි

කථානායකට එරෙහි විශ්වාසභංගයට සජිත් අත්සන් කරයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද (08) දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම ආරම්භ කළේය.

මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

අවිවාහක ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු නිවසක් පිටුපසින් හමුවෙයි

අවිවාහක ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු නිවසක් පිටුපසින් හමුවෙයි

නිවසක පිටුපස මිදුලේ තිබී විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

හබරාදූව, ගිනිගල ප්‍රදේශයේ නිවසකින් මෙම මළ සිරුරු හමුවී ඇති අතර අවුරුදු 82ක් සහ 87ක් වයසක් වූ අවිවාහක කාන්තාවන් දෙදෙනෙක් එලෙස ඝාතනය කර ඇත.

ගලකින් පහරදී එකම පවුලේ සහෝදරියන් දෙදෙනා ඝාතනය කර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

CCIBය ගැන ජනපතිගෙන් ගැසට් පත්‍රයක්

CCIBය ගැන ජනපතිගෙන් ගැසට් පත්‍රයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය (CCIB) රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මේ වනවිට කොළඹ 05 ස්ථානයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත කර ඇත.

කාන්තා වාට්ටුවේ ජම්පරය නෑ.. ශිරන්ති ගැන තීරණයක්

කාන්තා වාට්ටුවේ ජම්පරය නෑ.. ශිරන්ති ගැන තීරණයක්

රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇත.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂව වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක, විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

අධිකරණයෙන් වරදකරුවන් නොවී සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන රැදවියන්ට සිය නිවසෙන් රැගෙන ආ ඇදුම් ඇද සිටීමට හැකි අතර ඒ අනුව ශිරන්ති රාජපක්ෂ සිය සාමාන්‍ය ඇදුම් වලින් සැරසී සිටියි.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිට කියයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිට කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අදාළ සාකච්ඡාව අද දින පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර අන්ඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) දින ලිඛිත දැනුම්දීමක් සිදුකරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (07) දින රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරක් සම්බන්ධව මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශිරන්ති නවලෝක රෝහලට

ශිරන්ති නවලෝක රෝහලට

රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (07) නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති රාජපක්ෂ අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද (08) දින නවලෝක රෝහලේ මීට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ අද දහවල් ශිරන්ති රාජපක්ෂ නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

Follow WhatsApp Channel