හෝමූස් සන්ධියේ පාලනය අත්පත් කරගැනීම වෙනුවෙන් අද (17) දින අමෙරිකානු හමුදා සිය හයවැනි ප්‍රහාර මාලාව දියත් කළේය.
ඉරානයේ ඉරාන්ශහර් ගුවන් තොටුපොළට, බන්ඩාර්-ඊ කමීර් නගරයේ පාලමකට සහ බන්ඩර් අබ්බාස්හී සන්නිවේදන කුළුණකට පහරදුන් බව අමෙරිකාව සඳහන් කරයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය, කුවේට් සහ බහරේනයට ප්‍රහාර දියත් කර ඇති අතර එම රටවල අනතුරු ඇඟවීමේ සයිරන්ද නාද කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

