ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
ප්‍රමාණවත් ඉන්ධන තොග සංචිත රට තුළ පවතින බවත් මෙම මස අවසානයේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
මැදපෙරදිග යුද ගැටුම් පැවතියද මෙරටට ඉන්ධන රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බවත් මේ අවස්තාවේ මිලෙහි උච්චාවචනය පමණක් දක්නට ලැබෙන බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
මෙරටට ඉන්ධන රැගෙන ඒමේදී විශාල ලෙස බලපෑමක් සිදු නොවන බවත් එහෙත්, ලෝක මිල දර්ශකය වෙනස් වුවහොත් එහි බලපෑම තිබෙන බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
මෙරටට ඉන්ධන රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති නිසා මේ වනවිට රට තුළ පවතින ඉන්ධන සංචිතවල කිසිදු ගැටලුවක් නොමැති බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
ඉදිරි සති දෙකක කාලයේදී ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් අඩු කරනවාද.? වැඩි කරනවාද.? සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

