අද (03) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.24%ක වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.08%ක වර්ධනයකි.
මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.76%ක වර්ධනයකි.
