රටම කැළඹු අභිරහස් ඝාතනයේ අලුත්ම කතාව.!

අද (25) දින අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගනු ලැබුවෙිය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනු ලැබුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය සහ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා පත්කළ විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදීය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට කරුණු ඉදිරිපත් වුවද පසුව ඉදිරිපත් වු රසපරීක්ෂක වාර්තාවේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජෛව සාම්පලවලට අමතරව ආගන්තුක ජෛව සම්පලයක්ද හඳුනාගෙන තිබුණේය.

අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පත්කල පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේ, ෂාෆ්ටර්ගේ මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා යළිත් වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාව සඳහා බොරැල්ල පොදු සුසාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වු අතර පළමුව ෂාෆ්ටර්ගේ අවමංගල්‍ය කටයුතු කළ පෞද්ගලික මල් ශාලාවේ නියෝජිතයින් දේහය බහා තිබු පෙට්ටියේ අනන්‍යතාවය හඳුනාගත්තේය.

අනතුරුව දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා වන චන්ද්‍රා ෂාෆ්ටර්, සහෝදරයෙකු සහ බිරිඳගේ සහෝදරයා විසින් දේහය දිනේෂ් ෂාෆ්ටර්ගේද යන්න හදුනාගත් අතර සොකෝ නිලධාරින් දේහය ගොඩගැනීම ඡායාරූප සහ වීඩියෝ ගත කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාක්ෂි සටහන් කර ගත්තේය.

අනතුරුව දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර ෂාෆ්ටර්ගේ දේහය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (26) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close