පරම්පරා ගණනක් 13 වසරක් ගෙවූ සුන්දර පාසැල් දිවිය 2026න් අවසන්.!

2026 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත පාසල් අධ්‍යාපන කාලයම වසර 13ක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කෙරෙනුයේ පෙර පාසැල් අධ්‍යාපනයද ඇතුලුවයි.

ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය 1 වසරේ සිට 12 වසර දක්වා කෙටි කිරීමට නියමිතව ඇත.

වර්තමානය වන විට බොහෝ පෙර පාසල් පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එම ආයතනවල අධ්‍යාපන රටාව විධිමත් හා සම්මතකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන හරහා ලියාපදිංචි කර නියාමනය කිරීමද සිදු කෙරෙනු ඇත.

එහිදී පෙර පාසල් සඳහා පහසුකම් අඩු ප්‍රදේශ වෙනුවෙන් පාසල් තුළ පෙර පාසල් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිත බව සඳහන්.

සියලු දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට ලක් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කරනු ලබන බව එම ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ සාමාජික මහාචාර්ය ගුණපාල නානායක්කාර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

දැනට සැලසුම් කර ඇති පරිදි මෙම ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති. කෙසේ වෙතත් රජය මෙම වසරේ සිටම පෙර පාසල් යාම අත්‍යවශ්‍ය අධ්‍යාපනයක් බවට පත් කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close