විදුලි ගාස්තු ඉහල දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර නොදුනහොත් දෛනික විදුලි කප්පාදු කාලය අනිවාර්යයෙන් දිගු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
රටේ උද්ගතව තිබෙන තත්ත්වය මත විදුලිය ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පිරිවැය මහා භාණ්ඩාගාරය මගින් පියවිය යුතු තත්වයක් ඇතිව තිබෙන බව විදුලිබල මණ්ඩලය සභාපති නලින්ද ඉලංගකෝන් සදහන් කරයි.
රටේ කුඩා විදුලි බලාගාර හිමියන් ඇතුළු පෞද්ගලික බලාගාර වලින් ලබාගත් විදුලිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් රුපියල් කෝටි 4000 ක අධික මුදලක් ගෙවිය යුතුව තිබෙන බවද සභාපති නලින්ද ඉලංගකෝන් සදහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කරන්නේ පරණ ණය ගෙවීමට නොව මෙම 2023 වසරේ විදුලි බල සැපයුම පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට බවද සභාපති නලින්ද ඉලංගකෝන් තවදුරටත් සදහන් කරයි.