පරණ කණ්ඩායම එකතු වී අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය මේ වනවිට කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ කර ඇත.

මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුළු නියෝජතයින් රැසක් එක්ව සිටියි.

සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි (25) වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest