වරායේ ඉන්ධන අලෙවිය ඉහළට.!

රතු මුහුදේ හවුති කැරළිකරුවන් නෞකා ඇතුළු යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුව ඇති නිසා කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්‍යාව වැඩි වීමෙන් වරායේ ඉන්ධන අලෙවිය තවදුරටත් ඉහළ ගොස් ඇති බවද එම නිලධාරියා සදහන් කරයි.

මේ අතර ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්ත යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වු අතර එක් නෞකාවක දිග මීටර් 107ක් සහ අනෙක් නෞකාවේ දිග මීටර් 94.94ක් වන අතර නෞකාවල නැව් මුළුව 272ක් සහ 252කි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close