LIVE
සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.
මෙම නඩුව අද (07) දින කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සිර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.
එහිදී, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායක හිමියන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසට උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස (25) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
