Advertisements

ගම්පහ ඔස්මන්ඩ්ට රැඳවුම් නියෝග

කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ අපරාධ වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබා ගැනීම සඳහා මේ වන විට රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් සඳහන් කරයි.

දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට ගෙන ඇත. 

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest