ඥනසාර හිමිගේ සිවුර ඉවත් කිරීම.. බුද්ධශාසන සභාව රැස්වෙයි

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ පූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නය (පාර්ශ්ව 31) සහභාගිත්වයෙන්, අද (20) දින බුද්ධශාසන අමාත්‍යාංශය “දහම්පාය” පරිශ්‍රයේදී බුද්ධශාසන සභාව රැස්විය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න ඇතුළු පිරිස මීට සහභාගී වූහ.

බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජය තුළ පැනනැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබාගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි.

ජනාධිපතිතුමා විසින් පත්කරනන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් ප්‍රින්ස් සේනාධිර කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදි. පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව පැහැදිලි කරන ලදී.

විශේෂයෙන්ම බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවකදී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේදී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්‍රියා කළ යුතු බවට වන යෝජනාව මහා සංඝරත්නයට ඉදිරිපත් කරන ලදි.

එම කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක්වූ අතර මෙම නීතිය ප්‍රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.

0 Comments
Most Voted
Newest Oldest