අද (20) දින සහ හෙට (21) දිනයේදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කරයි.
ඒ අනුව අද සවස 4.30ත් රාත්රී 8.30ත් අතර පැයක කාලයක් රට කලාප හතරකට බෙදා විදුලිය සැපයුම කළමණාකරණයට පියවර ගන්නා බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කරයි.
කෙසේ වෙතත් රෝහල් සහ අත්යාවශ්ය සේවා ස්ථාන ආශ්රිතව විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව සඳහන් වේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්රයක් ලබන (22) වනදා වනවිට පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිත බව එහි ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර සඳහන් කරයි.
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනෙහි ඇති වූ බිදවැටීමක් හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්රමාණය සපුරාලීමට සහ පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට විදුලි කළමණාකරණයට පියවර ගත්තේය.
