අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු අද (20) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු ලබන (30) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය.
ඒ අනුව සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු වන චරිත් නමැත්තා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
සරණ ගුණවර්ධනට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට අල්ලස් මුදලක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඇය අත්අඩංගුවට ගත්තේය.
